27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවෙස්වලට ඡන්ද නාමලේඛන ලැබීම ප්‍රමාදයි

නිවෙස්වලට ඡන්ද නාමලේඛන ලැබීම ප්‍රමාදයි

මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීම ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ග්‍රාම නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට 2023 ඡන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු ජූනි 16 වැනිදා අවසන් වීමට නියමිතය.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද නාමලේඛන නිවෙස් වෙත ලැබීම ප්‍රමාද වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා සඳහන් කළේ.