― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගේ දඩ මුදල අඩුවෙයි

වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගේ දඩ මුදල අඩුවෙයි

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 25 වනදා පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබාදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම නියෝග හරහා වීසා කාල සීමාව දීර්ඝ කර ගැනීමකින් තොරව වලංගු වීසා කාල සීමාව ඉක්මවා දින 07ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සඳහා දඩ මුදල් අය නොකිරීමටත්, අතිවාස කාල සීමාව දින 07 කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250ක දඩ මුදලක් අය කිරීමටත් හා අතිවාස කාල සීමාව දින 14කට වැඩි කාල සීමාවක් වන විට ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීමටත් ප්‍රතිපාදන සකස් කර ඇති බවයි වාර්තා වුණේ.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, ආයෝජකයින් ආකර්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ ධූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හට ද ඉහත දඩ මුදල් ගෙවීමට සිදුවීම හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම් අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම නියෝගවලට ඉදිරි දිනයක දී පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට නියමිතයි. මෙයට අමතරව, විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බැවින් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් පවතින බව මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

මෙම කාර්ය දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන බවත් නිසි ආරක්ෂක තක්සේරුවක් සිදුකර අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් නිලධාරීන් යොදවන ලෙසත් අනෙකුත් නිලධාරීන් පොලිස් ස්ථානවල සේවයේ යොදවන ලෙසත් අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීම සිදුකළා.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලට සම්බන්ධ නිලධාරීන් අගය කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා. ඒ අනුව සෑම පොලිස් කලාපයකින්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නිර්දේශ ලබා ගනිමින් අදාළ නිලධාරීන් අගය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.