26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි - බන්දුල

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ඔහු සඳහන් කළේ රට තුළ පවතින මූල්‍යමය අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බවත් සිසුසැරිය සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.

ඒ අනුව සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේදී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.