Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ඩාලි නෞකාවේ ඉන්ධන ජලයට එක්වීමේ අවදානමක්

පසුගියදා අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ ඩාලි නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක්...
HomeNewsPoliticalසිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි - බන්දුල

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ඔහු සඳහන් කළේ රට තුළ පවතින මූල්‍යමය අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බවත් සිසුසැරිය සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.

ඒ අනුව සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේදී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.