25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF ලොක්කෙක් මෙරට දෙදින සංචාරයක

IMF ලොක්කෙක් මෙරට දෙදින සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙන්ජි ඔකමුරා මෙම මස 31 හා ජූනි මස 01 යන දිනයන්හි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතය.