― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅත්‍යවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට පමණක් ආරක්ෂාව දෙන්නැයි උපදෙස්

අත්‍යවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට පමණක් ආරක්ෂාව දෙන්නැයි උපදෙස්

නිසි ආරක්ෂක තක්සේරුවක් නොමැතිව පුද්ගලයින්ට සහ ස්ථානවලට ආරක්ෂාව නොදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් නිලධාරින් යොදවන ලෙසත් අදාළ නිලධාරීන් පොලිස් ස්ථානවල සේවයේ යෙදවීමට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසත්ය.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිළධාරීන් යොදවා ඇති බැවින් පොලිස් ස්ථාන වල නිළධාරීන්ගේ හිඟයක් පවතින බවයි.