Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මේ රට එක පවුලකට විතරක් ලියලා දීලා නෑ – සජිත්

ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලුම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන්...
Homeworldඋතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කරයි

උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කරයි

උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

ඒ උතුරු කොරියාව සිය ප්‍රථම අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසුවයි.

ඒ සම්බන්ධව ජපානය ඔකිනාවාහි සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති අතර රොකට්ටුව තම භූමියට කඩා වැටීමේ අවදානමක් නොමැති බවයි පසුව ජපාන බලධාරින් සඳහන් කළේ.

ජපානය පැවසුවේ තම භූමියට තර්ජනයක් වන ඕනෑම දෙයක් බිම හෙළීමට සූදානම් බවයි.