29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ - විමලවීර

ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ – විමලවීර

දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවන්නේ නම් ඒ සියල්ල දරාගෙන ආණ්ඩුවට තනි රැකීමට සූදානම් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ජනාධිපතිවරයාට පවසා තිබේ.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් සමඟ පසුගියදා (29) පැවති සාකච්ඡාවකදීය.

එහිදී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවයි.

“මේ ජනාධිපතිතුමා, ආණ්ඩුව බලයට ගේන්න පොහොට්ටුව කරපු කැපවීම මම මෙතන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මුළු රටම දන්නවා. ඒත් සමහරුන්ට අද මේ කැපවීම අමතකයි. අපේ යෝජනා අපේ ප්‍රශ්න ගැන තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ. මේ විදියට දිගටම ගියොත් ආණ්ඩුවට පැවැත්මක් නැතිවෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා.”