26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කියේ සිට කටුනායක අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

තුර්කියේ සිට කටුනායක අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

මේ වසරේ අගෝස්තු මාසයේ සිට තුර්කියේ ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මීට අදාළ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු සහ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30) පැවති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මෙහිදී පැය එකහමාරක අමතර කාලයක් වැය කිරීමට සිදුවන බවත් එම ප්‍රමාදයන් පිළිබඳව සංචාරකයින් එතරම් කැමැත්තක් නොදක්වන බවත් තානාපතිවරිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.