28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 318කි.

මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.

මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 385කි.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340කි.