27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉලෝන් මස්ක් ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණට

ඉලෝන් මස්ක් ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණට

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉලෝන් මස්ක් නැවතත් සමත් වී තිබේ.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමින් ඉලෝන් මස්ක් පෙරමුණට පැමිණ ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමග ඉලෝන් මස්ක්ට මෙම අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.