ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ වර්ග 111 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඖෂධ හිඟය පියවීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මීට මාස තුනකට පෙර රට තුළ ඖෂධ 200ක පමණ හිඟයක් තිබූ බවත් මේ වනවිට එය 111ට බැස ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරි සති දෙක තුළ එය 70 දක්වා පහත වැටෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.