31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 50ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 50ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සොරකම් කළ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා පුද්ගලයෙක් රැගෙන ආ මුදල් මෙලෙස සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ 38 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මුදල අයත් පෞද්ගලික ආයතනයේ රියදුරු ලෙස ඉහත සැකකරු සේවය කර ඇති අතර වෙනත් අයෙකු සමග එම මුදල බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එමින් සිටියදී එය සොරකම් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. 19 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාවටයි.

ඔවුන් දෙදෙනා සතුව තිබී රුපියල් ලක්ෂ 27කට අධික මුදලක් සොයාගෙන ඇති අතර ඊට අමතරව චෙක්පත් 04ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.