25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයසට එරෙහි විරෝධතාව අධිකරණයෙන් විසිවෙයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයසට එරෙහි විරෝධතාව අධිකරණයෙන් විසිවෙයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම් ජුනි මස 6 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව විනිසුරුවරු නියෝග කළා. ඒ අනුව අදාළ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරු මඩුල්ල නියම කළේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ඇතැම් වෛද්‍යවරු ජුනි මස 30 වනදා වන විට විශ්‍රාම යාමට නියමිතව තිබෙන බැවින් ඉතා ඉක්මනින් මෙම පෙත්සම් විභාග කර තීන්දුවක් ලබාදෙන ලෙසටයි.

එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරු ප්‍රකාශ කළේ එදිනට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කරන බවයි.