22 C
London
Tuesday, September 26, 2023

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

සුජිත් රූපසිංහ නමැති හිටපු පොලිස් නිලධාරියෙකුටයි මෙලෙස දඬුවම් නියම වූයේ. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් තීන්දුව ලබා දුන් අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සහ 2008 වසරේ ජුනි මස 01 වැනිදා අතර කාලසීමාව තුළ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම මෙන්ම එම නිවසේ තිබූ වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දැනුම් දුන්නේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන බවයි. මෙම ඔප්පු සකස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැඩි විමතිය පළ කළ විනිසුරුවරයා පොලිසියේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය කණගාටුව පළ කරන බවත් කියා සිටියා.

නමුත් වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීමේ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන්.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here