26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර එහි සභාපති නීතිඥ අසේල රැකව සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර එලෙස පත් කළ බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබේ. අදාළ නීතිඥයින් හරහා නීතිපති දෙපාර්තමේන්තුවට තම අධිකාරියේ සහය ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.