29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකළුතර දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කළුතර දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කළුතර නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ගොඩනැගිල්ලේ පාවහන් අලෙවි සැලක් පවත්වගෙන යන අතර එහි ගබඩාව පවත්වාගෙන යන ඉහළ මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්නෙන් ඉහළ මහල මුළුමනින්ම විනාශ වී ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පාවහන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි සඳහන්.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, පොලිසිය සහ ප්‍රදේශවාසින්ගේ ද සහය ඇතිව පැයක පමණ කාලයකදී ගින්න පාලනය කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර සිදුවූ දේපළ හානියද මෙතෙක් ගණන් බලා නොමැති බව සඳහන්.