Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsPoliticalපොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි - මහින්ද

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රථමයන් වූ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධූර ලබා දීමට හැකි නම් එය හොඳ කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍ය නාළිකා සඳහා නියාමන ගෙන ඒමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කිරීමට මාධ්‍ය නාළිකා වගබලා ගත යුතු බවයි ඔහු එහිදී කියා සිටියේ.

එමෙන්ම තම පක්ෂය සමඟ පාක්ෂිකයන් තවමත් සිටින බවත් ඉදිරියේදී රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.