30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකානු ආරක්ෂක ලේකම් 05 වැනිදා ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් 05 වැනිදා ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව ලබන 05 වැනිදා ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ජපානයේ සහ සිංගප්පූරුවේ සංචාරය කිරීමට නියමිත අතර ඔහුගේ තුන්වන ගමනාන්තය වන්නේ ඉන්දියාවයි.

ඔහුගේ මෙම සංචාරයේදී දෙරටේ ආරක්ෂක හවුල්කාරිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම මෙම මාසයේ සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය හමුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවට පැමිණීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.