මෙක්සිකෝවේ ගමන් මළු 45 ක තිබී මිනිස් සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් එරට පොලිසිය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තරුණයින් 07 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදියි මෙම ගමන් මළු සොයාගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මෙම ගමන් මළු තුළ පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවකගේ සිරුරු කොටස් තිබේදැයි මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මෙක්සිකෝවේ අතුරුදන්වීම් සාමාන්‍ය සිද්ධියක් වන අතර 2007 වසරේ සිට මේ දක්වා එරට ලක්ෂයකට අධික පිරිසක් අතුරුදන්වී ඇති බවත් ඉන් බහුතරයක් වයස අවුරුදු 18 ට අඩු යෞවනයන් බවත් විදෙස් වාර්තා වාර්තා කරයි.