29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිකල්ප මාර්ග භාවිතා කරන්නැයි දැනුම්දීමක්

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි දැනුම්දීමක්

අද (02) සිට ලබන මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ කොහුවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

සැළසුම් කළ පරිදි කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් වී නොමැති බැවින් එම කටයුතු ලබන ජූලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත්තේ.

ඒ අනුව හොරණ දෙස සිට කොළඹට ගමන් කිරීමේ දී 120 මාර්ගයේ පැපිලියාන මංසන්ධියෙන් දකුණට හැරී ගම්සභා හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගය ඔස්සේත්, පැපිලියාන මංසන්ධියෙන් හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කර ගාලු පාර ඔස්සේත් කොළඹට පැමිණිය හැකියි.

එමෙන්ම නාවල දෙස සිට දෙහිවලට ගමන් කිරීමේදී නුගේගොඩ පාලම අසළින් දකුණට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගොස් කිරුළපන – ස්ටෙපට් මාර්ගයෙන් පාමංකඩ පාලම අසලින් දකුණට හැරී දෙහිවල දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය පවසන්නේ.