26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාව අහෝසි කිරීම ගැන ඉඟියක්

ඉන්ධන කෝටාව අහෝසි කිරීම ගැන ඉඟියක්

චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ. මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසීමට චීනයේ සිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වැනිදා සිදු කෙරුණා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු සහ නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සිනොපෙක් සමාගමට අවසර හිමි වනවා.

මේ අතර ඉන්ධන කෝටාව යත්තේ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට රජය පසුගිය 30 වනදා සිට තීරණය කරනු ලැබුවා.