28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝඩේලියා කෲස් අනිද්දා ලංකාවට

කෝඩේලියා කෲස් අනිද්දා ලංකාවට

සංචාරකයින් අතර සුප්‍රකට කෝඩේලියා කෲස් ඉන්දිය මගී ප්‍රවාහන නෞකාව පළමු සංචාරය සදහා අද (05) පස්වරුවේ චෙන්නායි වරායෙන් පිටත්වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම නෞකාව අනිද්දා (07) මෙරටට ළඟාවනු ඇති බවයි.

කෝඩේලියා කෲස් නෞකාව චෙන්නායි සිට හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය වෙත සංචාරකයන් රැගෙන ඒමට නියමිත අතර කෝඩේලියා කෲස් නෞකාවේ අමුත්තන් 1800කට පහසුකම් සැලසීමේ හැකියාව ඇත.

මෙම නෞකාව කාමර 796කින් සමන්විත අතර තට්ටු 11කින් සමන්විතය.