29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඔඩීෂා දුම්රිය අනතුරට හේතුව හෙළිවේ

ඔඩීෂා දුම්රිය අනතුරට හේතුව හෙළිවේ

පසුගිය ජුනි 2 වැනිදා ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරේ සුලමුල හෙළිවී ඇතැයි එරට දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් පවසා තිබේ.

අමාත්‍යවරයා ඊයේ පෙරවරුවේ දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පෞද්ගලික නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ ඔහු කියා සිටියේ “මේ දරුණුතම දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්. දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා ළඟදීම වාර්තාවක් ඉදිරිපත් කරනවා. අනතුරට හේතුව කුමක්ද? එහි කොටස් ඇත්තේ කාටද? අපි ඒක හොයාගෙන තියෙනවා. අනතුරට හේතුව ඉලෙක්ට්‍රොනික අන්තර් සම්බන්ධක දෝෂයක්. වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු සම්පූර්ණ තොරතුරු හෙළිදරව් වනු ඇත,” යනුවෙනි.

දුම්රිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සඳහා 1000කට අධික පිරිසක් එක්ව සිටින බව සඳහන්.