නීතිවිරෝධී මුදල් හුවමාරුව සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව මීළඟ පියවර කඩිනමින් ආරම්භ කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී තිබේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති නීතිඥ සමුළුවේ දෙවැනි දින උත්සවයට එක්වෙමිනි.
රට තුළ ව්‍යාපාර කිරීමේ පහසුව සහ විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අදාළ ඇගයීම් කෙරෙහි එම කටයුතු ඍජුව බලපානු ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.