22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1281ක් ලෙස නියම කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 598ක් ලෙස නියම කර තිබේ.