27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිභාග කාලසීමාවේදී ආපදාවක් නම් 117 අමතන්න

විභාග කාලසීමාවේදී ආපදාවක් නම් 117 අමතන්න

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ ආපදා තත්වයක් ඇතිවුවහොත් 117 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවැනි අවස්ථාවකදී විභාග අපේක්ෂකයන්ට සිය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති.

පසුගිය සතියේ එවැනි සුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබූ අතර එම අවස්ථාවන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව විසින් සිසුන් මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සදහා අවශ්‍ය පහසුකම් සලසා තිබුණි.