26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුළු මස් හා මාළු මිල අඩුවීමට ඉඩ

කුකුළු මස් හා මාළු මිල අඩුවීමට ඉඩ

කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම තාවකාලිකව සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය පැවසීය.

මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.