― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාගෝගම නඩුව කැඳවීමට දින නියම වෙයි

ගෝඨාගෝගම නඩුව කැඳවීමට දින නියම වෙයි

ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු බවත් එම නීතිපති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙන බවත් දැනුම් දුන්නා.

එම අභියාචනාධිකරණ තීන්දුව ලබන 23 වැනිදා ප්‍රකාශයට පත්වීමට නියමිත අතර මෙම නඩුකරය ඉන් පසුව එළඹෙන දිනයක කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජුලි මස 19 වැනිදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.

මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය සැකකරුවන්ව වශයෙන් නම් කර නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද නියෝග කළා.