ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සඳහා පාඨමාලා ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.
මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.