26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙඩුන්තිව් අපරාධයේ සැකකරු යළි රිමාන්ඩ්

නෙඩුන්තිව් අපරාධයේ සැකකරු යළි රිමාන්ඩ්

යාපනය – නෙඩුන්තිව් ප්‍රදේශයේදී පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ රැඳවුම් කාලය දීර්ඝ කර තිබෙනවා.

මෙම පුද්ගලයින් හයදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ උර්ගවාර් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. එහිදී ප්‍රධාන සැකකරුගේ සාක්ෂි සටහන් කර ගත් අතර ඒ අනුව ඔහු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

නඩුවද එදිනට කල් තබා ඇත.

පසුගිය අප්‍රේල් 22 වැනිදා නෙඩුන්තිව් ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබුණා. සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 101 හැවිරිදි කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය අය අතර කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 2 දෙනෙකු ඇතුළත්.