27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙරට කාන්තාවකට එංගලන්තයේ විනිසුරු තනතුරක්

මෙරට කාන්තාවකට එංගලන්තයේ විනිසුරු තනතුරක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව තිබේ.

34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටයි මෙලෙස විනිසුරු පදවියක් ලබාදී ඇත්තේ.

ඇය ඉතිහාස පොතට එක්වන්නේ එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාව ලෙසයි.

ඇය විශේෂඥ වෛද්‍යරියක්ද වන අතර ඇය වයස අවුරුදු 14දීයි එංගලන්තයට සංක්‍රමණය වී ඇත්තේ. ඇය ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර
පසුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරිය ලෙස කටයුතු කර ඇති අතර ලීඩ්ස් සරසවියෙන්ම නීතිවේදය හදාරා ඇත.

ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.