26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsE-මෝටර් සැලැස්ම මේ වසරේ සිට ක්‍රියාත්මකයි

E-මෝටර් සැලැස්ම මේ වසරේ සිට ක්‍රියාත්මකයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා E-මෝටර් ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත් වී ඇති අතර අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.

ඒ අනුව මෝටර් රථ ලියාපදිංචිය, මෝටර් රථ බලපත්‍ර ලබා ගැනීම, අංක තහඩු ලබා ගැනීම ආදිය සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මේ වසරේ අපට හැකියාව ලැබෙනවා.

දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අකමැති බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් විසින්ම ව්‍යාපෘතිය කඩාකප්පල් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ නව තාක්‍ෂණය සහ ඩිජිටල්කරණය රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වීමෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අඩු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.