― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගයේදී අකටයුතුකම් තුනක්

සාමාන්‍ය පෙළ විභාගයේදී අකටයුතුකම් තුනක්

ඊයේ (06) දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් වාර්තා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබා ගැනීමේ සිද්ධියක්, හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී තවත් අකටයුතුකම් දෙකක් වාර්තා වී තිබේ.

අපේක්ෂකයන් දෙදෙනෙක් ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේදී නිරීක්ෂකවරයා ඒ බව දැක තිබේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් සඳහන් කළේ.