28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබේ.

අද (08) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ වන විට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රවල අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන්නැයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක්ද කළේය.

සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.