28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දුන්නේ. මෙම සැකකාර තරුණයා පසුගිය පළමුවනදා කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මෙම පෙම් යුවළ පසුගිය මැයි මස 11 වැනිදා උඩ දියලුම ප්‍රදේශයට පැමිණ අනාරක්ෂිත ස්ථානයක කඳවුරු බැඳ සිටියදීයි වන අලි ප්‍රහාරයට ලක්ව තිබුණේ. මෙහිදී ජීවිතක්ෂයට පත්වූයේ කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක්.

ඇයගේ පෙම්වතා වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා වන අලි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දිව ගොස් සැඟවී සිට ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධියට අදාළව පොලිසිය විසින් අදාළ යුවළට මග පෙන්වූ තරුණයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔවුන්ට කූඩාරම් ගැසීමට උදව් උපකාර කළ පුද්ගලයා සහ මග පෙන්වූ පුද්ගලයායි. ඔවුන් දෙදෙනා අද රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.