32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙඩුන්කුලම්හි කපුටන් රැසක් හදිසියේම මිය යයි

නෙඩුන්කුලම්හි කපුටන් රැසක් හදිසියේම මිය යයි

පුත්තලම, නෙඩුන්කුලම් ප්‍රදේශයේ කපුටන් 50කට අධික පිරිසක් හදිසියේ මිය ගොස් ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

පුත්තලම නෙඩුන්කුලම් ප්‍රදේශයේ කපුටන් 50 කට වැඩි පිරිසක් මියගොස් සිටින ආකාරය දුටු ප්‍රදේශවාසීන් පුත්තලම ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන්ට තොරතුරු ලබාදී තිබේ.

ඉන් අනතුරුව නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් මියගිය කපුටන් පරික්ෂා කර ඇති අතර මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා මියගිය කපුටන්ගේ මළ සිරුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යවා ඇත.