27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගජේන්ද්‍රකුමාර්ගෙන් මානව හිමිකම් ‍කාර්යාලයට පැමිණිල්ලක්

ගජේන්ද්‍රකුමාර්ගෙන් මානව හිමිකම් ‍කාර්යාලයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සිය ප්‍රතිරූපයට හානි වන අයුරින් පොලිසිය කටයුතු කර ඇති බව පවසමින් යාපනය ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍ර්‍රීවරයාගේ කටයුතුවලට බාධා කිරීම, ඔහුට පහර දීමට උත්සාහ ගැනීම, බැන වැදීම හා තර්ජනය කිරීම සම්බන්ධවයි මන්ත්‍ර්‍රීවරයා මරදන්කේණි පොලිසියට එරෙහිව මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව ඊයේ (07) මරදන්කේණි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණ පසුගිය 02 වැනිදා වඩමාරච්චි විභාග ශාලාවක් අසල සිදු වූ ආරවුලක් සම්බන්ධව කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.