27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාව සියදිවි නසා ගැනීම තහනම් කරයි

උතුරු කොරියාව සියදිවි නසා ගැනීම තහනම් කරයි

උතුරු කොරියාවේ සියදිවි නසා ගැනීම තහනම් කරමින් ජනාධිපති කිම් රහසිගත නියෝගයක් නිකුත් කර ඇති බව දකුණු කොරියාව නිවේදනය කරයි.

දකුණු කොරියාවේ බුද්ධි අංශයට අනුව උතුරු කොරියාවේ ජනතාව දිනෙන් දින පීඩා විඳින අතර දුර්වල ආර්ථික තත්ත්වයන් හේතුවෙන් උතුරු කොරියාවේ සියදිවි නසාගැනීම් 40% කින් වැඩි වී තිබේ.

උතුරු කොරියාවේ ඝොන්ග්ජින් ප්‍රදේශයේ පමණක් පසුගිය වසර තුළ පුද්ගලයන් 35 දෙනෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ උතුරු කොරියාවේ සාගත මරණ තුන් ගුණයකින් වැඩි වී ඇති අතර මේ නිසා උතුරු කොරියාව සියදිවි නසාගැනීම් මර්දන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇත.

සියදිවි නසා ගැනීම සමාජවාදයට එරෙහි ද්‍රෝහිකමක් බව පවසන කිම් එය වැළැක්වීමට රහස් නියෝගයක් නිකුත් කර තිබේ.