26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලි හාල්පාන්දෙනිය මහත්මියයයි නියෝගය ලබාදුන්නේ.

30 හැවිරිදි සැකකාර ගුරුවරයා කළුතර උතුර, සුභසාධක මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක්. කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතයි.