― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජාව අතර පල්ලියට ඇතුල්වීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

පූජාව අතර පල්ලියට ඇතුල්වීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 46 හැවිරිදි ඉම්තියාස් නැමැති පුද්ගලයෙකි.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ ගීතිකා ඇසීමට ඇති ආසාව නිසා තමා දේවස්ථානයට ඇතුළු වීමට පැමිණි බවයි.

සාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය මෙම මස 13 වැනිදාට යෙදී ඇති බැවින් ඊට සමගාමීව සෑම දිනකම දේව මෙහෙයන් පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව පෙරේදා දින එම දේවමෙහෙයන් පැවැත්වෙන අතරවාරයේ මෙම සැකකරු දේවස්ථානය තුළට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.