32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුවන් තොටේ යකා නැටූ චීන ජාතිකයා පිටුවහල් කෙරේ

ගුවන් තොටේ යකා නැටූ චීන ජාතිකයා පිටුවහල් කෙරේ

අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත ඊයේ (08) සවස චීනය බලා පිටුවහල් කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙම චීන ජාතිකයා ඊයේ (08) සවස 05.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් එසේ පිටුවහල් කර තිබේ.

ඔහු තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින් යළි ආපසු යවන ලෙස ඉල්ලීමක් කර තිබූ නමුත් ඊයේ සවස මොහුගේ දෙඅතට මාංචු දමා මෙලෙස පිටුවහල් කර ඇත.