2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online ක්රමයට ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක සඳහන් කළේ WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.
2023 ඡන්ද හිමි නාම ලේඛන ප්රතිශෝධන කටයුතු මේ දිනවල සිදුකරනු ලබන අතර ඒ සඳහා වන සංගණන පත්ර ග්රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බවයි ඔහු ප්රකාශ කළේ.
අදාළ සංගණන පත්රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.