29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමට දෙපාරකට වඩා ඇමතිකම් එපා - රොෂාන්

මට දෙපාරකට වඩා ඇමතිකම් එපා – රොෂාන්

තමා දෙවතාවකට වඩා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

කොළඹදී පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින්ද ඒ ආදර්ශය රටට දෙමින් සිය ධුර සමස්ත සේවා කාල එකතුව වාර දෙකකට පමණක් සීමා කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ක්‍රීඩා ඇමැති ධුරයේ මම වාර දෙකකට වඩා කටයුතු කරන්න සූදානම් නෑ. ජාතික ධුර කාල දෙකක් හිටියාම හොඳටම ඇති. ඔය ජාතික ක්‍රීඩා සංගම්වල දිගටම පුටුවල ඇලිලා ඉන්න බොහෝ අය හොරකම් දූෂණ චෝදනා ලබනවා. මම කියන්නේ මෙහෙම චෝදනා ලබන්න එක දිගට අවුරුදු ගණන් තනතුරුවල ඉන්න එපා. අලුත් අයට තරුණ අයට අවස්ථාව දෙන්න උනන්දු වෙන්න. එහෙම එක දිගට තනතුරුවල රැඳිලා ඉන්න අයට මිනිස්සු කියන්නේ ඒවායෙන් ජීවත්වෙන්න ආපු අය කියලයි. ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින් ඒ තත්වය ඇති කර ගන්න එපා කියලයි මා ඒ අයට කියන්නේ