― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකිරුළපන පුද්ගලික ආයතනයකින් අත්බෝම්බයක් හමුවෙයි

කිරුළපන පුද්ගලික ආයතනයකින් අත්බෝම්බයක් හමුවෙයි

කිරුළපන, ඇවනිව් මාර්ගයේ පිහිටි පුද්ගලික ආයතනයක තාප්පයක් උඩ සවිකර තිබූ සිමෙන්ති බඳුනක් තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත විදෙස් රටක නිෂ්පාදිත මෙම ජීව අත්බෝම්බය අද (12) දහවල් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ස්ථානයේ සේවකයකු විසින් මෙය දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.