29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවට බදු සහන දෙන හැටි සාකච්ඡා කරනවා

ජනතාවට බදු සහන දෙන හැටි සාකච්ඡා කරනවා

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය ඊයේ (11) විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු අවධාරණය කර කළේ ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.