29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක්

නැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක්

නැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි. ඒ් මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ ( 11) ඩෙංගු වසංගත තත්ත්වය සහ මර්දන කටයුතු පිළිබඳව මඩකලපුවේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී.

මේ අතර තවමත් ශ්‍රී ලංකාවේ දක්නට තිබෙන්නේ ඩෙංගු වසංගත තත්ත්වයක් මිස අධි වසංගත තත්ත්වයක් නොවන බව ඇය පෙන්වා දෙයි. තවමත් මේ වසංගතය පාලනයට නතුව පවතී. එය පාලනයෙන් ගිලිහී යාමට නොදී සියලු පාර්ශව කැපවීමෙන් කටයුතු කරමින් ඩෙංගු මර්දනයට දායක වීම අවශ්‍ය බව ද වෛද්‍ය පන්නිලහෙට්ටි මහත්මිය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම සාකච්ජාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් මෙන්ම නැගෙනහිර පළාතේ සෞඛ්‍ය බලධාරීන් ද එක්ව සිටියහ.