― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසැකකරුවෙකු සොයන්න මහජන සහය පතයි

සැකකරුවෙකු සොයන්න මහජන සහය පතයි

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවයි.

පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. 27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු මාළු වෙළෙඳාමේ නිරතව සිටි අයෙකු වන අතර, දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක කැටයමක් පච්චයක් කොටා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733, ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335 ස්ථානාධිපති විමර්ශන ඒකකය – 071 8596503

සැකකරුගේ ඡායාරූපය පහතින්,