27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජුගේ උපන්දින සාදයට හැරී කුමරුට ආරාධනා නැහැ

චාල්ස් රජුගේ උපන්දින සාදයට හැරී කුමරුට ආරාධනා නැහැ

තෙවැනි චාල්ස් රජුගේ පළමු නිල උපන්දින සංදර්ශනය ජූනි 17 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබේ.

රජුගේ හෝ රැජිණගේ සැබෑ උපන්දිනය රාජකීය නිල උපන්දින සංදර්ශනය පවත්වන දිනය නොවන අතර චාල්ස් රජුගේ සැබෑ උපන් දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 14 වැනිදාටයි.

නිල උපන් දිනය ජුනි 17 වැනිදා පැවැත්වෙන අතර ටෑපිං ද කලර් නම් වාර්ෂික උපන්දින සන්දර්ශනයට එක්වීමට රාජකීය පවුලේ වැදගත් සියලුම සාමාජික සාමාජිකාවන්ට ආරාධනා කර ඇතත් හැරී කුමරුට ආරාධනා කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සසෙක්ස්හි ආදිපාදවිය වන හැරී කුමරු සහ ආදිපාදවිය වන මේගන් දෙවසරකට පෙර රාජකීය කාර්යයන් නවතා දැමුවද දෙවෙනි එළිසබෙත් මහා රැජින ඔවුන් ගැන පවසා ඇත්තේ ඔවුන් වඩා ආදරණීය පුද්ගලයන් බවයි.

එබැවින් බකිංහැම් මාළිගයේ නිලධාරීන්ට පවුලේ විශේෂ අවස්ථාවන් සඳහා ඔවුන්ට ආරාධනා කිරීමට සිදු වූ අතර එහෙත් මෙවර තම පියා වන තෙවැනි චාල්ස් රජුගේ නිල සංශර්ශනයට හැරී කුමරුට ආරාධනා කර නොමැති බවයි වාර්තා වන්නේ.

එය එසේ නම් හැරී කුමරු රජුගේ හා රැජිනගේ නිල උපන්දින සාදයට සහභාගී නොවන වන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.