26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිස්ත්‍රික්ක 5කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක 5කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත, කලවාන, පැල්මඩුල්ල සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදාළ අනතුරු ඇඟවීම් නිවේදන බලපවත්වනු ඇති.